කොවිඩ් සමයේ බස් වලට පැනවූ නීතී ඉවත් කරයි..
By Sithumi
කොවිඩ් ව්‍යාප්ත වූ සමයේ පැනවූ බස්රථවල මගීන් රැගෙන යාමේදී පැනවූ නීති ඉවත් කර තිබෙනවා. මේ වන විට එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නෙත් නිවුස් වෙත පැවසුවේ.
මෙවැනි නීතියක් පැනවීම හේතුවෙන් බස් ගාස්තු වැඩි කිරීමටද සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාද දැනුවත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මේ මොහොතේ රට තුළට කොවිඩ් වෛසරය ඇතුළු වුවහොත් බරපතල ගැටලුවක් මතුවිය හැකි බවයි.