කිඹුල් නඩුවෙන් රාජිතට උණු දේ..

By Sithumi Sep 12, 2022 06:17 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය.

තමන්ට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණණය හමුවේ පැවසු අවස්ථාවේදී නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියෙන් පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මීට පෙර අවස්ථාවක ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කෙරිණී මාධ්‍ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සඳහා කුමන්ත්‍රණය කිරීම,

ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්‍රසිද්ධ කරවීම, ගේඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.