මහෙස්ත්‍රාත්වරයා සිරකර මෝටර් රථය පැහැරගනී - (CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Feb 12, 2023 04:59 PM GMT
Sithumi

Sithumi

Report

පිළියන්දල, මඩපාත ප්‍රදේශයෙ, මහෙස්ත්‍රාත්වරයෙකුව නවීන පන්නයේ දෙමහල් නිවසක සිරකර ඔහුගේ නිල මෝටර් රථය පැහැරගැනීමේ පුවතක් වාර්තා වනවා.

මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නිවසක සිරකර මෝටර් රථය රැගෙන පළාගොස් ඇත්තේ ඔහුගේ නිවස කුලී පදනම යටතේ මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකි. මහෙස්ත්‍රාත්වරයෙකු සිය පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි නවීන පන්නයේ දෙමහල් සුඛෝපභෝගි නිවස කුලී පදනමට ලබාදීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළකර ඇති අතර ඒ අනුව ඊයේ (11) දින පුද්ගලයෙකු එම නිවස බැලීමට පැමිණ තිබෙනවා.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි එම නිවස ගැනුම්කරුවාට පෙන්වීම සඳහා සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් මහෙස්ත්‍රාත්වරයා පැමිණ තිබේ. කෙසේවෙතත් මහෙස්ත්‍රාත්වරයා විසින් නිවස පෙන්වන අතරතුරු අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාව උඩුමහලේ සිරකර දොර වසා මහෙස්ත්‍රාත්වරයාගේ සුඛෝපභෝගි මෝටර් රථයද රැගෙන පළාගොස් තිබේ. මහෙස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර පහළ මහලේ තබා තිබීම හේතුවෙන් එම තැනැත්තාට මෝටර් රථයද රැගෙන පළායාමට හැකිව ඇති බව වාර්තා වේ.

අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය රැගෙන පළා යන අයුරු CCTV කැමරා දර්ශනවල සටහන්ව තිබුණි. කෙසේ වෙතත් අනතුරුව තමා සිරකර සිටි උඩු මහලේ ජනේලයකින් පිටතට පැන ඇති මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබේ. පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනයේදී සැකකරු නිවස දක්වා පැමිණ ඇත්තේ කුලී ත්‍රී රෝද රථයකින් බව අනාවරණය වී ඇත.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now