සොරාගත් යතුරුපැදියකින් ගොස් එක් ප්‍රදේශයක කරපු භයානක වැඩේ..
සොරාගත් පාපැදියකින් ගොස් කැස්බෑව හොන්නන්තර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ස්කූටරයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී .තවත් වාහන සොරකම් රැසක තොරතුරු අනාවරණය කරගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.
ඒ අනුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනා ස්කූටරයක් ,යතුරු පැදි දෙකක් ත්‍රීරෝද රථයක් සහ පාපැදිය ද පොලිස් බාරයට ගෙන ඇති අතර කැස්බෑව හොන්නන්තර ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස ඉදිරිපිට නවතා තිබූ ස්කූටරය කිසියම් පුද්ගලයෙකු පා පැදියකින් පැමිණ එය එම ස්ථානයේ තබා සොරාගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන්නේ.
ලියාපදිංචි සහතිකය නැති වූ ස්කූටරයක් විකිණීමට තිබෙන බවට කුරුණෑගල අඹන්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු මුහුණු පොතට ස්කූටරයේ ඡායාරූපය සමඟ යොමු කර තිබූ දැන්වීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් නිලධාරීන් එය කැස්බෑව හොන්නන්තර ප්‍රදේශයෙන් සොරාගත් යතුරුපැදිය බවට තහවුරු කර ගත් බව පොලිසිය පවසනවා.
අනතුරුව එම යතුරු පැදිය පොලිස් භාරයට ගෙන කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගෙන මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසන්නේ.
සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඉකුත් මාසයක පමණ කාලයක් තුළදී මහරගම ප්‍රදේශයෙන් සොරා ගත් යතුරු පැදියක් රුපියල් 6000/= මුදලකට පංචිකාවත්තට විකුණා තිබියදීත් ,මාලබේ ප්‍රදේශයෙන් සොරා ගත් ත්‍රීරෝද රථයක් විකිණීම සඳහා කොළඹ ලක්සෙවන මහල් නිවාස සංකීර්ණය අසල නතර කර තිබියදීත් ,හා තවත් යතුරු පැදියක් පංචිකාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණීම සඳහා ලබා දී තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.