වැඩි වැඩ දාමින් මී මැස්සන් පාලනය කරන්න ගිය ප්‍රකට නලුවාට මී මැසි ප්‍රහාරයක්
By Sithumi
ප්‍රසිද්ධ රංගන ශිල්පීයෙකු විසින් සමාජ මාධ්‍ය තුල තිබු ප්‍රසිද්ධ මී මැසි පාලනය සම්බන්ධ වීඩියෝවක් නරඹා මී මැස්සන් පාලනය කරන්න ගොස් ඔහුගෙ වම් ඇස දෂ්ඨනයකට ලක් වූ පුවතක් වාර්තා වී තිබෙනවා.
හොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ද රංගන ශිල්පියෙක් වූ Chris Prattට මෙම අනතුර සිදුවී ඇති අතර ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේ තම instagram ගිණුමේ සටහනක් තබමින්.
Texas හි මී මැසි පාලකවරියක් ලෙස ජීවත් වන Erika Thompsonගෙ Tik Tok වීඩියෝවක් දැකයි ඔහු මෙම ක්‍රියාමාර්ගය ගැනීමට එළඹී තිබෙනවා
Erika Thompson යනු දශකයකටත් වැඩි කාලයක් තිස්සෙ මී මැසි පාලනය පිළිබදව ඉතා හොද පළපුරුද්දක් ඇති කෙනෙක් වන අතර සමහර වීඩියෝවලදී ඇය මී මැස්සන් විශාල ප්‍රමාණයක් තමන්ගෙ අතෙහි තබාගෙන වීඩියෝ ගත කරතිබුනත් මෙම සිදුවීම සිදුව තිබෙනවා