විදුලි බිලට සාපේක්ෂව පාන් මිලත් අඩු වුණාද..?
Sri Lanka
By Sithumi
විදුලි බිල සංශෝධනයක් සිදුවුව ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එම් කේ ජයවර්ධන මහතා පැවසුවේ විදුලිබිල වැඩි කළ ද කිසිඳු අවස්ථාවක එය පදනම් කර ගනිමින් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවයි.
තිරිගු පිටි ආනයනයට සීමා පැනවීම හමුවේ බේකරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔහු පැවසුවා.