මවු කිරෙන් මියගිය බිළිඳාගේ කතාව..
By Sithumi
මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව,මොරකෑව ලිපිනයේ පදිංචිව සිටි පතිරණ පුෂ්පකුමාරගේ නිපුල සංචන නැමැති බිළිඳෙක්.
දරුවා මවු කිරි බොමින් සිටියදි මවුකිරි සිරවී ඇති අතර ඒ මොහොතේම දරුවා හොරොව්පොතාන රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවයි.