ATM සොරකමට පිරිසක් අත්අඩංගුවට.. විදෙස් ජාතිකයිනුත් ඇතුලත්..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jan 09, 2023 11:26 AM GMT
Sithumi

Sithumi

Report

දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධියට පොලිස් නිලධාරියෙකු සහ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු 5ක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විදේශිකයින් දෙදෙනා බල්ගේරියානු ජාතිකයින් බවත් එක් අයෙකුට කැනඩා පුරවැසිකම ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සැකකාර විදේශිකයින් දෙදෙනා කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නවාතැන්ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  එම සැකකරුවන් අතර මීගහතැන්න පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිටී සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේදී වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය සහ මීගමුව ප්‍රදේශවලදීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now