සියලුම දිස්ත්‍රික්කවල නිළධාරින් පිරිසකට දැනුම්දීමක්
Election Commission of Sri Lanka
Sri Lanka
By Sithumi
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙතයියොමුකර තිබෙන්නේ.
මේ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇප මුදල් භාරනොගන්නා ලෙස දන්වා තමන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවූ ලිපිය ආපසු කැඳවූ බවයි.
අදාළ ලිපිය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
