රිය අනතුරු වලින් දෙදෙනෙකු මියයයි.. රට පුරා සිදු වූ රිය අනතුරු කිහිපයක්...

By Sithumi Jul 02, 2023 11:05 AM GMT
Sithumi

Sithumi

Report

අවිස්සාවේල්ල කොළඹ හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් 23 හැවිරිදි තරැණයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම රංදෙව්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රැක්ෂාන් මධුශංක සේනානායක නමැති 23 හැවිරිදි ඇගළුම් කර්මාන්ත ශාලවක සේවය කල තරැණයෙක් බවයි කොස්ගම පොලිසිය පැවසුවේ.

මේ අතර අද උදෑසන බදුල්ල කොළඹ ප්රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදි ඇල්ල හල්පේ සිට බදුල්ල දෙසට ගමන් ගත් කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ කාර් රථයේ පස් දෙනකු ගමන් කර ඇති අතර අනෙක් හතර දෙනා බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදි වැලිමඩ සිට ගමන් ගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ඊයේ සවස සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලැබූ වැලිමඩ 4 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලීසිය පැවසුවේ.