දුරකථනයක් නිසා වසබී මිය ගිය දරුවාගෙ කතාව..
ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා වෙත පැමිණෙන්නයි විදුහල්පතිවරයෙකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව වස පානය කර දිවි නසාගෙන තිබෙනවා.
මිය ගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 15ක දැරියක් බව වාර්තා වන අතර ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව පසුගිය 04 වන දා පාසලට ජංගම දුරකථනය රැගෙන පැමිණි බව සඳහන් වනවා.
පසු ව ජංගම දුරකථන පාසලේ විදුහල්පතිවරයා විසින් භාරයට ගෙන, එය නැවත ලබා දීම සඳහා පසු දින පියා වෙත පැමිණ නැති අතර නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කරන වස වර්ගයක් පානය කර ඇති බව වාර්තා වනවා වස කළ සිසුවිය ඉතා ඉක්මනින් අනුරාධපුර ශික්ෂණ රෝහලට පානය කළ විට ඇය මිය ගිය බව සඳහන් වේ.
මේ පිළිබඳ ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු බව සඳහන් කර තිබෙනවා.