මත්පැන් මිළතවත් වැඩි වෙයිද... බදු සම්බන්දයෙන් සුරාබදු දෙපාර්ථමේන්තුව ගන්න යන පියවඩ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වන අතර මෙවැනි දැවැන්ත හිඟ මුදලක් කෙටි කාලයක් තුළදී අය කර ගැනීම සඳහා මේ හැර වෙන විකල්පයක් නොමැති බවත් මෙය යථාර්තවාදී නොවන බවට ඇතැමකුට තර්ක කළ හැකි බවත් සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවා.
සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ මෙම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර රුපියල් බිලියන 6.2 ක හිඟ බදු මුදලින් රුපියල් බිලියන 2.5 ක මුදලක් හිඟ බදු මුදල් බවත් ඉතිරි රුපියල් බිලියන 3.8 ක මුදල ඒ සඳහා ප්‍රමාද ගාස්තු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රධාන සමාගම් 9 ගෙවීමට ඇති මෙම හිඟ බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු 1997 වසර දක්වා වසර 26 ක කාලයක් දිව යන බවත් ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපයක සිට බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙන්නේ.