පරිස්සමෙන්.. නිවසකට පැමිණි මෙහෙකාරිය බිය ගන්වා කළ දේ.. කෝටි ගානක් වටින දේද රැගෙන යයි.ං

Sri Lanka
By Sithumi Jul 03, 2023 11:12 AM GMT
Sithumi

Sithumi

Report

බොරලැස්ගමුව කටුවාවල පිහිටි නිවසකට උල් පිහියක් අතැතිව ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා  රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් තිදෙනකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් මෙන්ම හොරයින්  මත්කුඩු  ගෑම් 24 ක්ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම නිවසින් කොල්ල කා තිබූ රුපියල් රුපියල් ලක්ෂ 35 ක මුදලින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ,ඇමරිකානු ඩොලර් 10950 ක් රුපියල් ලක්ෂ 40කට ආසන්න රන් ආභරණ  පෙන්න සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුන් සන්තකේ තිබූ ජීව අත්බෝම්බයක් මෙන්ම හොරයින්  මත්කුඩු  ගෑම් 24 ක් පොලිස් භාරයට ගෙන ඇතඋ ඉකුත් මස 12 දින මෙම කොල්ලය සිදුවී තිබුණා.

මෙහෙකාරියගේ සැමියා සහ දරුවා දීන කිහිපයක සිට මෙම නිවසේ නැවතී සිට ඇති අතර ඔවුන් ගම් ප්‍රදේශයට ඇරලිම සඳහා මහරගමට ගොස් නිවස වෙත පැමිණෙනවාත් සමඟම ඇයගේ පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයකු මරණ බවට තර්ජනය කරමින් ඇයගේ අත් ඉදිරිපස කර  ගැට ගැසූ බවත් මෙහෙකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි