ගිනි අවියක් ලබා දුන්නොත් ත්‍යාගයක්..

By Sithumi May 01, 2023 12:14 PM GMT
Report

ගිනි අවි නැවත භාරදීමේදී ත්‍යාගයක් ලබාදීමේ වැඩසටහනකික් නිව්යෝර්ක් නගරයේ ගිනි අවි 3,000ක් පමණ එකතුකර ගැනීමට හැකි වූ බව නිව්යෝර්ක් බලධාරීන් පවසනවා.

නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සංවිධානය කළ එම වැඩසටහනෙන් ගිනිඅවි 3,076ක් නැවත ලබා ගැනීමට හැකි වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එම වැඩසටහන යටතේ ප්‍රහාරක රයිෆලයකට ඩොලර් 500ක් ද, සාමාන්‍ය රයිෆලයකට ඩොලර් 75ක් ද, පිස්තෝලයකට ඩොලර් 150ක්ද ලබා දීමට කටයුතු කර තිබුණු අතර සෑම ගිනිඅවියක්ම ප්‍රහාරයක් සඳහා භාවිත කිරීමේ හැකියාව තිබූ බැවින් මෙම වැඩසටහන ඵලදායක වූ බවයි නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now