සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි

Parliament of Sri Lanka Sri Lanka
By Sithumi Apr 20, 2023 12:49 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

  පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටියා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත තුළින් සමලිංගික කටයුතු නීතිවිරෝධී නොවන බව සඳහන් කරමින් වගන්තියක් ඇතුළත් කර තිබෙන බව පෙන්වා දුන්නා.

මෙම පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12 (1) විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එබැවින් මෙම පනත් කෙටුම්පත ජනතාවගේ අනුමැතිය සඳහා අනිවාර්යයෙන් ම යොමු කළ යුතු බවත් නීතිඥවරයා සඳහන් කළා. වැඩිදුර පෙත්සම් විභාගය හෙට (21) දින තෙක් කල් තැබුණා. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now