ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ එන්න විශේෂ දුම්රිය සහ බස් ගැන තොරතුරු

By Sithumi Apr 15, 2023 02:59 PM GMT
Sithumi

Sithumi

Report

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (අප්‍රේල් 15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා.

අප්‍රේල් 17 වන දා දක්වා එය ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ තව ද ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (අප්‍රේල් 15) සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ අද දිනයේ 10%ක පමණ බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බවයි.