අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවේ කොටසක් සපා කඩාගෙන පොලිසියට භාරදුන් පුවත

By Sithumi Feb 24, 2023 06:10 PM GMT
Sithumi

Sithumi

Report

 තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක් වාර්තා වනවා.

57 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදා අලුයම් කාලයේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග මාර්ගයේ ඇවිදිමින් සිටියදීයි.

තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවර පැමිණි තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින් තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බවයි එම කාන්තාව සඳහන් කරන්නේ.

තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව සියදත් වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී ආ බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගිය බවයි එම කාන්තාව පවසා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ තමන් නිවසට පැමිණ සිය පුත්‍රයාට දැනුම් දුන් බවත් පසුව අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවෙන් කඩා ගත් කොටස පොලිසිට බාරදී සිදුවීම ගැන පැමිණිලි කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බ්‍රිතාන්‍යය පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටියුනිසියානු ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.