දෙබරු දෂ්ඨ කර මිය ගිය පුතුගේ ඉරණම

By Sithumi Feb 03, 2023 06:05 PM GMT
Report

දෙබර දෂ්ට කිරීමකට ලක්වීමෙන් 12 හැවිරිදි දරුවෙකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. ඊයේ (02) මෙම දරුවා මිතුරෙකු සමග සියඹලා කැඩීමට යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා. 

උහන කුමාරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ දරුවා දෙබර දෂ්ට කිරීමෙන් පසුව අම්පාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් තිබෙන අතර කිතුල් ගසක තිබූ දෙබර කූඩුවකට උකුස්සකු පහරදී එහි කොටසක් කඩාගෙන යෑමේදී ඉන් කැබැල්ලක් ගමන් කරමින් සිටි දරුවාගේ ඇඟට කඩාවැටීමෙන් මෙම දෙරබ දෂ්ට කිරීම සිදුවී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ.