විදෙස් රැකියාවකට යෑමට පෙර කළ යුතු දෙයක් ගැන නිවේදනයක්..
විදේශ රැකියාවකට යාමට ඒජන්සි වලට මුදල් ගෙවීමේදී ප්‍රථමයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අදාළ තොරතුරු ලබා ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබෙනවා.
විදෙස් රැකියාවට යාමට ඒජන්සි වලට මුදල් ලබා දීමට පෙර විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු මධ්‍යස්ථානය අමතා අදාළ ඒජන්සි ආනයනයේ නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට ඔබට හැකියාව ඇත.
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස තොරතුරු වල සත්‍යභාවය තහවුරු කර ගත හැකිව තිබේ.
ඩුබායි රාජ්‍යයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසමින් තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රු.450,000 ලබා ගත් නීති විරෝධී විදෙස් රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීමකදී අදාළ නිලධාරීන් විසින් කොටු කර තිබෙන බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |