උමන් මාර්ගයක් නිසා නගරයක්ම ගිලාබසින භයානක සිදුවීම..(PHOTOS)

By Sithumi Jan 08, 2023 05:36 PM GMT
Sithumi

Sithumi

Report

 ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් නිවාස රැසක බිත්ති ඉරි තැලීම් සහ ගිලා බැසීමේ අවදානම හේතුවෙන් පවුල් රැසකට සිය පදිංචි නිවාස අහිමිවීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 

   විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියාවේ චමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි ජෝෂිමත් නගරයේ පදිංචිකරුවන් මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට මුහුණ දී ඇති බවයි. ඇතිවූ මෙම තත්ත්වය සමග එම නිවෙස්වල පදිංචිකරුවන් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යැවීමට දිස්ත්‍රික් බලධාරීන් පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.  

දැනට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ නිවාස 50 කට ආසන්න ප්‍රමාණයක් විවිධ ගිලා බැසීම් සහ බිත්ති ඉරිතැලීම් වලට ලක්ව ඇති බවද වාර්තා වන අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් ප්‍රදේශවාසීයෙකු පැවසුවේ සමස්ත නගරයම ජිවත් වන්නේ ඕනෑම මොහොතක පුපුරා යා හැකි "පරමාණුක බෝම්බයක්" මත බවයි.

  මෙලෙස ඉරිතැලීම් වලට ලක්ව ඇති ස්ථාන අතර රජයේ රෝහල්, පාසැල් සහ අධිවේගී මාර්ග පද්ධතිය ද අයත් වන බවයි වාර්තා වන අතර මෙම තත්ත්වයට මුලික හේතුව කිලෝමීටර 12 ක් දිගට විහිදුණු උමං මාර්ගයක් වන බවයි. ඉන්දීය ජාතික තාප බල සංස්ථාවේ ව්‍යාපෘතියක් සඳහා ඉදිකරනු ලැබූ මෙම උමං මාර්ගය හේතුවෙන් ප්‍රදේශයේ භුමියේ අස්ථාවරභාවයක් හටගෙන ඇති බව ප්‍රදේශවාසින් සැකපළ කර සිටිනවා.  

GalleryGalleryGalleryGalleryGalleryGallery