මුදල් අච්චු ගහන්න වෙනවා.. ? මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්..
මේ මොහොතේ රටේ මැතිවරණයක් පැවැත්වීමට නම් මුදල් අච්චු ගැසීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
වර්තමානයේ රටතළ පවතින තත්ත්වය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉකුත් වසරේදීද රුපියල් බිලියන 2500ක මුදලක් මුද්‍රණය කළ බවයි. කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී රජයේ මුද්‍රාණාලයාධිපතිනි ගංගානි කල්පනී පැවසුවේ ඡන්ද පත්‍රීකා මුද්‍රණය සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඊට අවශ්‍ය කඩදාසි සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල පවතින බව ඇය පැවසුවා.
ඒ අනුව, ඡන්ද පත්‍රිකා මුද්‍රණයට උපදෙස් ලබාදුනහොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළා. දෙසැම්බර් 31 වනදා 70කට වැඩි පිරිසක් විශ්‍රාම ගියද සේවක හිඟයක් මතුව නොමැති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ