දළදා වහන්‍සේට අපහාස කළ අයෙකුට සිදු වූ දේ

Kandy Sri Lanka
By Sithumi Jan 05, 2023 04:45 PM GMT
Sithumi

Sithumi

Report

මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙල්ලන්විල මයුර මාවත ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.  

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.  

මේ ආකාරයට කටයුතු කිරීම 1958 අංක 41 දරණ ආගම් විරෝධී ප්‍රකාශන පනතේ පවතින නීතිමට තත්ත්වය අනුව දඩුවමක් ලැබි හැකි වැරදි බවත්, මෙම පනත්වලට අදාල වැරදි සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන් මොවුන් මොහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now