ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවත් වුණාද..?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එහිදී පළමු පියවර ලෙස ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර,පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඉකුත් දා පැවති අතර,මේ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි පැව්සේ.
ආණ්ඩුව එක්ව කැබිනට් ඇමති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන අතර,ළගදි රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද,චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුන් උප ලේකම්වරුන් ලෙස ද කටයුතු කරති.
ඒ අනුව මෙම පිරිස එම තනතුරුවලින් ඉවත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා වේ.