විශේෂ පිරිසකට සාම විනිසුරු පදවි,,

By Sewvandhi Jan 07, 2023 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දහම් පාසල් ගුරුවරුන් 3,200කට සාම විනිශ්චයකාර තනතුර පිරිනැමීමට අධිකරණ  බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන තිබෙනවා. 

එම තනතුරු පිරිනමනු ලබන්නේ දහම් පාසල් ගුරු සේවයේ වසර 10කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන්ටයි. 

 ඒ අනුව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේ දහම් පාසල් ගුරුවරුන් 3,200කට සාම විනිශ්චයකාර තනතුරේ පත්වීම් ලිපි තැපැල් මඟින් යොමු කරන බවයි.