අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් කෙරේ.
අවාරේ ශ්‍රීපාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළියෙ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරනවා.
අද(30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා කියා සිටියේ, අවසරයකින් තොරව ශ්‍රී පාද කරුණ කළ හැකි බවට පසුගිය දිනවල පළමු මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
පසුගිය 2022 2023 ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමග ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය පාදස්ථානයට පැමිණීම තහනම් කරනු ලැබුවා.
එහෙදි ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ කරුණා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අවාරේ අවාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේදී කිරීමේ දී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය සහ රත්නපුර රත්නපුර පොල් පොලිස් ස්ථාන දැනුවත් කළ යුතුයි.
