මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්

Report

කොංගෝ රාජ්‍යයේ දැනට පැතිර යන, ඉතා දුර්ලභ ගණයේ 'බන්ඩිබුගියෝ' (Bundibugyo) නැමැති ඉබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහිව Oxford විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නව එන්නතක් නිපදවමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි මාස 2-3 ඇතුළත මෙහි සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන්.

එමෙන්ම මෙම ඉබෝලා ප්‍රභේදය වැළඳෙන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ මිය යන අතර, මේ වන විට කොංගෝ රාජ්‍යයේ මරණ 177ක් වාර්තා වී ඇති බව වාර්තා වේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එරට සෞඛ්‍ය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට නම් කර ඇත.

ඒ අනුව මෙම එන්නත නිපදවීමට ඔවුන් භාවිතා කරන්නේ Covid-19 වසංගත සමයේදී Oxford-AstraZeneca එන්නත නිපදවීමට භාවිතා කළ ChAdOx1 නැමැති තාක්ෂණයම බව පවසයි. එය වෛරස්වලට ගැලපෙන ආකාරයට ඉතා ඉක්මනින් වෙනස් කළ හැකි තාක්ෂණයක් බව සඳහන්.

දකුණු ආසියාවම බලන් හිටපු ආරංචියක් - ඉබෝලා වෛරසය අසාදනය වූ බව සැක කල කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න

දකුණු ආසියාවම බලන් හිටපු ආරංචියක් - ඉබෝලා වෛරසය අසාදනය වූ බව සැක කල කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න

එමෙන්ම මෙහිදී චිම්පන්සීන්ගෙන් ලබාගෙන මිනිසාට හානි නොවන ආකාරයට වෙනස් කරන ලද සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරසයක් ආධාරයෙන්, ඉබෝලා වෛරසයට එරෙහිව සටන් කිරීමට මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සිදු කරයි.

මේ වන විට සතුන් ඇසුරින් මෙහි පරීක්ෂණ Oxford හිදී සිදුවන අතර, එය සාර්ථක වුවහොත් ඉන්දියාවේ "සීරම් ඉන්ස්ටිටියුට්" ආයතනය විසින් මෙම එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් මෙය කොවිඩ් එන්නත මෙන් රටක සැමටම එකවර ලබා දෙන්නේ නැති බව පවසයි.

ඒ වෙනුවට "රිං වැක්සිනේෂන්" (Ring vaccination) ක්‍රමයට, එනම් වෛරසය වැළඳුණු රෝගීන්ගේ සමීපතයන්ට සහ රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන්ට පමණක් ආරක්ෂාව සඳහා මුලින්ම ලබා දෙනු ඇති බව සඳහන්.

කණගාටුදායක තත්වයක් - මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළට

කණගාටුදායක තත්වයක් - මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළට

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්