රුසියානු - යුක්‍රේන යුද්ධයට ගිය අපේ මිනිස්සු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි..

Report

මෙරටින් රුසියානු - යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන්ගෙන් 17 දෙනෙකු මියගොස් ඇත.

රුසියානු - යුක්‍රේන යුද්ධයට ගිය අපේ මිනිස්සු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි.. | Sri Lankans Who Went To The Russo Ukrainian War

ඒ බව, ඔවුන් පිළිබඳ සොයාබැලීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය මෙරට දූත පිරිසේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.

අද (29) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ඒ මහතා සඳහන් කළේ ය.

එලෙස, යුද්ධයට එක්වූ 121 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බව ඒ මහතා පැවසීය.

මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේ ය.

එහිදී ශ්‍රී ලාංකික දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අද අලුයම දිවයිනට පැමිණ ඇත.