මේ අයගේ පවුල්වලට රු. මිලියන 197ක වන්දි
කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2025 වසරේදී සමත්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව තානාපති කාර්යාලය මඟින් මෙසේ ලබාගෙන ඇති මුළු වන්දි මුදල රුපියල් 197,719,710.36ක් බව සඳහන්.
එයින් රුපියල් 23,641,182.00ක මුදලක් තානාපති කාර්යාලය ඔස්සේ සෘජුවම අදාළ පවුල් වෙත ලබා දී තිබෙනවා.
ඉතිරි රුපියල් 174,078,528.36ක මුදල මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම වෙනුවෙන් කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
මේ අතර 2014 වසරේ සිට විසඳීමට නොහැකිව තිබූ නඩු කිහිපයකට අදාළ වන්දි මුදල් ද මෙවර ලබා ගැනීමට හැකිවූ බව වාර්තා වීම විශේෂත්වයක්.
ඉකුත් 2024 වසරේදී ද මෙම තානාපති කාර්යාලය රුපියල් මිලියන 172කට අධික වන්දි මුදලක් ශ්‍රී ලාංකික පවුල් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.