මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරාගැනේ..

Sri Lanka Cyber Attack Myanmar World
By Piyumika Feb 16, 2025 12:57 AM GMT
Piyumika

Piyumika

Report

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබේ.

මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකි.

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවෙන අතර ඔවුන් දැනට ආරක්ෂිතව සිටින බවද වාර්තා වෙයි.

මුදා ගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර එහිදී ඔවුන් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ද නියමිතය.

මේ අතර අනෙකුත් සිව්දෙනා මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටන බවත් වාර්තා වෙයි.

හිටපු ක්‍රිකට් තරු ගැටෙන මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න...

හිටපු ක්‍රිකට් තරු ගැටෙන මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න...

ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු ආරංචි මාර්ග පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා තායිලන්න විදේශ කටයුතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම සයිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට සහාය දෙන ලෙස ඉල්ලා තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකියින් පිරිස බේරාගැනීමට හැකිවී තිබේ.

You may like this video

ReeCha