සෞඛ්‍ය වෘත්තිකයින් යළිත් වර්ජනයකට සැරසෙයි...

Gagana news Sri lankan news Conference of Health Professionals Helth Strike
By Subodha Feb 23, 2022 11:19 AM GMT
Subodha

Subodha

Report

සෞඛ්‍ය වෘත්තියවෙදින්ගේ සම්මේලනය පවසන්නේ තම ගැටළු සදහා තව දුරටත් විසදුම් ලබා නොදුන්නොත් ලබන මාර්තු 2වන දා සිට යළි අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව යි.

එම සම්මේලනයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා කියා සිටියේ ලබා දුන් දින 14ක කාලය මාර්තු පලමු වනදායින් අවසන් වන බවයි.

සෞඛ්‍ය වෘත්තීයවෙදින් සමග ඇති කරගත් එකගතා කිසිවක් මෙතෙක් ඉටුකර නොමැති අතර මේ හේතුවෙන් මාර්තු 2වන දින සිට නැවත වර්ජනය ආරම්භ කිරිමට සෞඛ්‍ය වෘත්තියවෙදින්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තිරණය කර ඇතැයි ඔහු සදහන් කලා. 

රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ විධායක නිලධාරින්‌ගේ ඒකාබද්ධ කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනාව මගින් විෂමතාවයන් වර්ධනය කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now