මුහුදු තීරයේ සැරිසරන ආගන්තුකයා...(VIDEO)

Crocodile Gagana news Bambalapitiya Beach
By Subodha Feb 23, 2022 10:36 AM GMT
Subodha

Subodha

Report

අද (23) උදෑසන බම්බලපිටිය අවට මුහුදු තිරයේ දැවැන්ත කිඹුලකු සැරිසරනු දක්නය ලැබෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනු දක්නට ලැබෙනවා.

මෙම දර්ශන පෙල වාර්තා වන්නේ බම්බලපිටිය කොල්ලුපිටිය හා ගෝල්ෆේස් වෙරල තිරය දක්වා මිට සති ගණනාවකට පමණ පෙර වාර්ථා වු කිඔුලන් පිලිබද සිදුවිම් මාලාවෙන් පසුවයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන දර්ශන වලින් දක්නට ලැබෙන්නේ මෙම සත්වයා මීට පෙර දක්නට ලැබු කිඹුලන්ට වඩා විශාල බවයි.

මෙම හේතුවෙන් නැවත මෙම මුහුදු තිරයේ ධිවර කටයුතු සිදු කිරිමට තර්ජනයක් බවයි එම ප්‍රදේශ ආශ්‍රිත ධිවරයන් පෙන්වා දෙන්නේ .

ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කිඔුලන් තම වෘත්තියට තර්ජනයක් බැවින් එම කිඹුලන් මැඩලිම සදහා ව්ධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි .

මිට පෙරද මෙලෙස කිඹුලන් වරින් වර මෙම මුහුු තිරයන්හි දක්නට ලැබුණ ද වනජිවි නිලධාරින් ප්‍රකාශ කරන්නේ කොළඹ නගරයේ ඇල මාර්ග ඔස්සේ මුහුදට මෙම සතුන් සංක්‍රමණය වන බවයි.

කෙසේ වෙතත් තවමත් මෙම කිඹුලන් සංක්‍රමණය විම වැලැක්විමට කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පෙනි යන්නේ . 

දර්ශන අයිතිය - හිරු නිව්ස්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now