රුසියන් හා යුක්රේන් සංචාරකයින්ට මෙරට රැදිමට තවත් කාලය ...
මේ වන විට දිවයිනේ රැදී සිටින සංචාරකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යාමට අපහසු තත්ත්වයක් පැන නැගීම ඊට හේතුවයි.
ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස දෙකකින් දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.
යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.
මේ වන විට රුසියානු සංචාරකයන් 11,463 දෙනෙකු සහ යුක්රේන සංචාරකයන් 3993 දෙනෙකු ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මගින් අනාවරණ වන්නේ.
සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ පිළිබඳ ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙරට සිටින යුක්රේන ජාතිකයින්ගේ වීසා කාලය දිගු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව යි.
යුක්රේන - රුසියා අර්බුදය තවදුරටත් ඔඩුවමින් පවතින අතර, ඊයේ (28) බෙලරුසියා දේශ සීමාවේ පැවති සාම සාච්ඡාවලින් ද සැලකිය යුතු තරම් සාර්ථක විසඳුමක් ලැබුණේ නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |