අද කොළඹ කොටස් වෙළෙඳපොළට සුබ වෙයි - ගනුදෙනු අවසන් වනවිට ඉහළ ගිය ඒකක ගාණ මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (22) දින ගනුදෙනු අවසන් වනවිට ඒකක 74.83කින් හෙවත් 0.36%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඒකක 21,054.01ක් ලෙස සටහන් කරමින්.
එසේම අද (22) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.