ජනතාවට ජල සම්පාදනයෙන් රතු එළියක් මෙන්න...

Water supply Gagana news
By Subodha Mar 30, 2022 11:38 AM GMT
Subodha

Subodha

Report

විදුලිය විසන්ධි කළ කාල සීමාවේ ජල පොම්පාගාරවල විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට , ඩීසල් නොලැබුණහොත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා මතුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

එහි බටහිර මධ්‍යම කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. කේ .කපුරුගේ මහතා සඳහන් කළේ, පිළියන්දල , පන්නිපිටිය , මහරගම , හෝකන්දර සහ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක අඛණ්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි.

මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ දෛනික ජල ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ.

මේ අතර අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය ද ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now