ජල පාරිභෝගිකයින් වෙත කෙරෙන නිවේදනයයි...! බිල්පත් නොගෙව්වේද එසේනම් ජලය කැපීමට නියමිතයි...
Gagana news
Water bills
By Subodha
මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛන්ඩව ජල බිල්පත් නො ගෙවූ සබඳතා විසන්ධි කිරීම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටවූ අතර, අයවිය යුතු හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 7.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත කියා සිටියේ.
වසර 10 කින් ජල ගාස්තු ඉහළ නංවා නොමැති අතර, ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |