ඔබටත් ජපන් යන්න ආසද ? මෙන්න ලාංකික ඔබටත් රැකියා අවස්ථාවක්...

Gagana sinhala news Technology in Japan Priyankara Jayaratne - State Minister of Foreign Employment Promotion
By Subodha Mar 08, 2022 04:24 AM GMT
Subodha

Subodha

Report

ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මෙම වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 10,000ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසනවා.

ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව අවසන් කර දිවයිනට පැමිණි තිදෙනෙකුට ආයෝජන දිරිදීමනා ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ජපානයේ සේවය සඳහා යොමුවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත්, රැකියා ස්ථානයෙන් පළා ගියහොත් ඉදිරියේදී ශ්‍රි ලාංකිකයින්ට රැකියා ලබාදීමේ අවස්ථාව අහිමි වන බවයි.

ජපානය, ඊශ්‍රායලය, රුමේනියාව, දකුණු කොරියාව වැනි දියුණු රටවල් හා මැදපෙරදිග රටවල රැකියා සඳහා මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ ගත කිරිමට ඉලක්කයක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now