‘සොබාදනවි’ ජාතික විදුලිබල පද්ධතියට...
මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් ‘සොබාදනවි’ ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ, කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට පසුගිය දා එක් වූ අවස්ථාවේදීයි.
මෙගාවොට් 350ක ධාරිතාවයකින් සමන්විත කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන ‘සොබාදනවි’ ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය මේවන විට ඉදිකිරීම් මට්ටමේ පවතිනවා.
මීට වසර ගණනාවකට පෙර ඉදිකිරීමට යෝජිත වූ මෙම බලාගාරය, නොයෙකුත් හේතූන් මත මේ දක්වා ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වී තිබුණා.
2023 වසර වනවිට මෙහි පළමු අදියර ඉදිකිරීම් කටයුතු නිමකර මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි දෙවන අදියර 2024 වසර වනවිට නිමකර සම්පූර්ණ ධාරිතාවයවන මෙගාවොට් 350 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටයි සැලසුම්කර ඇත්තේ.
මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |