පාසල් ආරම්භයත් සමග පාර්සල් වි යන පාසල් ළමුන්...(VIDEO)

School children Moneragala Depot Gagana sinhala news.
By Subodha Mar 08, 2022 08:25 AM GMT
Subodha

Subodha

Report

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ වනවිට පොදු ප්‍රවාහන සේවයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එවන් පසුබිමක පුද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන සැපයීමට කටයුතු සූදානම්කර තිබෙනවා.

නමුත් තෙල් නොමැතිවිම මත පෞද්ගලික බස් රථ බොහොමයක් සේවයෙන් ඉවත් වි ඇති වට පිටාවක අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

පාසල් ආරම්භයත් සමග පාසල් ලමුන් පිරිසක් මොණරාගල ඩිපෝවට අයත් බස් රථයක ඉතා භයානක අයුරින් ගමන් කරන විඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල පැතිරෙනවා .

එම විඩියෝ පටය පහතින්

දර්ශන අයිතිය - හිරු නිවුස්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now