සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වැසේ...
Sapugaskanda Oil Refinery
Gagana news
Minister Udaya Gammanpila
By Subodha
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයකින් තොර ව යළිත් වසා දමා තිබෙනවා.
වර්තමානයේ උද්ගත වී ඇති බරපතළ ගැටලුවක් වන බොරතෙල් හිඟතාව හේතුවෙන්, ක්‍රමවත් ලෙස හා අඛණ්ඩ ව සපුගස්කන්ද තෙල් පිරිපහදුව පවත්වා ගෙන යාමට නො හැකි බව යි වාර්තා වන්නේ.
විශේෂ මුදල් සංචිත නො මැති වීමේ අර්බුදය හමුවේ එකිනෙකට බැඳුණු ගැටලු දාමය අතර, මෙම බොරතෙල් හා ඉන්ධන අර්බුදය පවතින්නේ ඉහළ ම තලයක යි.
මීට පෙර ද අවස්ථා දෙකක දී ම සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, ප්‍රමාණවත් තරම් බොර තෙල් නො මැති වීම හේතුවෙන්.
මීට සතියකට පමණ ඉහත දී අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමුණු හිටපු ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, ලංකාවට ගෙන්වා බොරතෙල් පිරිපහදු කරනු වෙනුවට පිරිපහදු කළ තෙල් ම එකවර ගෙන්වීමෙන් මෙම අර්බුදය යම් තරමකට විසඳා ගත හැකි බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |