පිරවුම්හලක් කොල්ලකෑ දෙදෙනෙකු අල්ලයි... සොත්ති උපාලිගේ පුතෙකුත් සම්බන්ධයි
Special Task Force
Nawala
Gagana news
Robbery at a filling station
By Subodha
නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුගිය 18 වනදා නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාඳුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා ඔවුන්ට පහර දි මුදල් පැහැර ගනු ලැබුවා
එම සිද්ධියට අදාලව බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව සඳහන් මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට කරුණු අනාවරණය වී තිබෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |