එළඹෙන 3 වැනිදාට ඇඳිරි නිති පැනවිම ගැන නියෝජ්‍ය පොලිස්පති කිියූදේ...

Curfew Police Protest Gagana news Senior DIG Ajith Rohana
By Subodha Apr 01, 2022 09:28 AM GMT
Subodha

Subodha

Report

එළඹෙන 3 වැනිදාට පැවැත්වීමට නියමිතව ඇති ජන ඒකරාශී වීම් හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මේ අතර මිරිහාන ප්‍රදේශයේ උද්ඝෝෂණ තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය අද සවසත් පැනවීමක් සිදු කරනවාද? යන්න සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම මේ දක්වා සිදු කර ඇති විමර්ශනවලින් මෙම උද්ඝෝෂණය පිටුපස කිසිදු දේශපාලන පක්ෂයක් සිටින බවට අනාවරණ වී නොමැති බවද අජිත් රෝහණ මහතා කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now