පෞද්ගලික ටැංකි රථ හිමියන් තෙල් බෙදීම නවතා දමයි...

Ceylon Petroleum Corporation Gagana news Private tank owners
By Subodha Mar 16, 2022 04:29 AM GMT
Subodha

Subodha

Report

රවාහන ගාස්තු ඉහළ නො දැමීමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වූ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සමලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ, ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දැමිය යුතු බවට ඉල්ලීමක් කර තිබියදීත් බලධාරීන් සියයට 17කින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට යෝජනා කිරීම හේතුවෙන් මෙලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වූ බවයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ, බූලි සඳහා ඩීසල් ලබා නො දෙන ලෙසට සංස්ථාවෙන් තමන් වෙත දැනුම්දී ඇති බවයි.

එමෙන්ම බැරල් වලට සහ බූලි වලට පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විශාල ප්‍රමාණයේ බැරල්වලින් ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමේ දී පෝලිමේ පවතින වාහනවල පුද්ගලයන් අපහසුතාවයට පත් නො වන ලෙස කටයුතු කරන්නැ යි පිරවුම්හල් වෙත දැනුම් දුන් බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
join now