අද පස්වරුවේ සිට බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල විය හැක...
අද පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු කියා සිටියේ අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10ක පමණ අඩු සංඛ්‍යාවක් බවයි. මේ අතර, රජය පොරෙන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා නොදීමට එරෙහිව නුවරඑළිය නගරයේ දී විරෝධතා පා ගමනක් පැවත් වුණා.
නුවරඑළිය බස්නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන ග්‍රෙගරි වැව පරිශ්‍රය දක්වා පැමිණි අතර, ඒ වනවිට එම පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබූ වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය අතරමග නතර කිරීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව විරෝධතාකරුවන් නුවරඑළිය - වැලිමඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.
එමෙන්ම ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය ධීවර වරාය ඉදිරිපිටින් අවහිර කරමින් ධීවරයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ පවතින ඉන්ධන අර්බුදය හා විදුලි කප්පාදුව හමුවේ තම ජීවනෝපායට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |