බන්ධනාගාරයටත් ආහාර සදහා සිදුවිමට යන දේ...
Gagana news
prisons Meals
By Subodha
බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සැපයුම්කරුවන්ගේ එම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.
බන්ධනාගාරවල සිරකරුවන් සඳහා සැපයෙන ආහාරවල මිල ගණන් දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි සැපයුම්කරුවන් දැනුම්දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
රටපුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වේ.
මේ සෑම සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 කි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |