ප්‍රධාන නගරයක ඉන්ධන පිරවුම්හලක් අසල ගුටි කෙලියක්...

Police petrol station Hospital Gagana news
By Subodha Mar 30, 2022 06:29 AM GMT
Subodha

Subodha

Report

ගම්පහ , බැලුම්මහර ඉන්ධන පිරවුම්හලක් අසල රැඳී සිට ඇති රියදුරන් පිරිසක් සහ ප්‍රදේශවාසියෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පහර කෑමට ලක්වූ දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් යක්කල පොලීසිය පවසයි.

ඊයේ (29) රාත්‍රීයේදී ඉන්ධන ලබාගැනීමට පෝලිමෙහි සිටි රියදුරන් පිරිසක් මත් පැන් පානය කොට හිස් බෝතලයක් අසල තිබූ කාණුවකට දැමීමේදී කුඩුවී යාම මත අසල්වාසී පුද්ගලයෙකු ඊට එරෙහිව කතා කොට ඇති අතර එම කතාබහ ගැටුමක් දක්වා දුරදිග යාම මත දෙදෙනෙකු රෝහල්ගත කිරීමට සිදුව ඇති බවද පොලීසිය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යක්කල පොලීසිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර  වැඩිදුර පොලිස් පරීක්‍ෂණ සිදු කෙරේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now