ළමා නිවාසයේ පාලිකාව ගේ පීඩන ඉවසීමට නොහැකිව සිසුන් පිරිසක් සිදුකල වැඩේ...

Hospital Gagana news Orphanages Mulathiu
By Subodha Mar 17, 2022 08:55 AM GMT
Subodha

Subodha

Report

මුලතිව් මුල්ලියාවලෙයි භාරතී ළමා නිවාසයේ වයස අවුරුදු 13ක හා 14ක දැරියන් දෙදෙනාට 15 වැනිදා ළමා නිවාසයේ පාලිකාව බැන වැදීම් හා හිරිහැර ඉවසා ගැනීමට නො හැකිව දැරියන් දෙදෙනා පාසලට ගොස් විෂ සහිත ඇට වර්ගක් කෑම නිසා ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.

මේ දැරියන් දෙදෙනා ළමා නිවාසයේ දී තමන්ට විඳීමට සිදුව ඇති පීඩාවන් සියල්ල ම තම මිතුරියන් සමග ප‍්‍රකාශ කර ඇත.

මුලතිව් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ළමා නිවාසයේ පාලිකාව ඉතා කුරිරු අන්දමට පහර දෙන බවත් නිතර ම එහි ළමුන්ට වධ හිංසා කරන බවත් ප‍්‍රකාශ වී ඇත.

මේ ක‍්‍රියාවන් ඉවසා ගැනීමට නො හැකිව මීට සතිකයකට පමණ ඉහත දී මෙම ළමා නිවාසයේ දැරියන් පස්දෙනකු ළමා නිවාසයෙන් පලා ගොස් ඇති බවට ද මුලතිව් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම ළමා නිවාසයේ ජීවත් වන්නේ යුද්ධය හේතුවෙන් දෙමවුපියන් හා ඥාතීන් අහිමි වී ගිය පවුල්වල දැරියන් පිරිසකි.

එම ළමා නිවාසය පවත්වා ගෙන යන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකුවන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ අධීක්ෂණය යටතේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
join now