මහේලගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි...

Gagana news National Sports Council
By Subodha Apr 06, 2022 08:31 AM GMT
Subodha

Subodha

Report

මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එම සභාවේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නාමල් රාජපක්ෂ ඉවත්වීමත් සමඟින් පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත් කිරීමෙන් අනතුරුව ජාතික ක්‍රීඩා සභාව සඳහා ද නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කරනු ඇති.

මේ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත්කල ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

මෙහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලැබුවේ කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාමයි. මහානාම පසුගිය ජනවාරි මාසයේදී මෙම කමිටුවෙන් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now

ReeCha