ගොටුකොළ කෑවම ලස්සන වෙනවා කියලා අහලා තිබ්බට මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑනේ [PHOTOS]

Report

කොළ කෑවම ලස්සන වෙනවා කියලා අහපු නැති කෙනෙක් ලොකේ කෙසේ වෙතත් ලංකාවේ නම් නැතුව ඇති.

ඒකත් ගොටුකොළ කිව්වම ඉතින් ඒ ගැන තියෙන්නේ වෙනම වටිනාකමක්.

මොකද ගොටුකොළ කියන්නේ ඖෂධ වර්ගයට අයත් ශාකයක්.

ඒ ඖෂදේ ඉඳලා හිටලා හරි ආහාර වේලට එකතු කර ගන්නවා කිව්වම ඉතින් කොයි වගේ වාසි ලැබෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

හැබැයි ගොඩක් අය හිතනවා පොඩි කාලේ අහලා තියෙන විදිහට ගොටුකොළ කෑවම කොණ්ඩේ විතරයි දික් වෙන්නේ කියලා.

ඔන්න එහෙම හිතන් ඉන්න අයටයි මේ ලිපිය. ගොටුකොළ කියන්නේ විටමින් වර්ග බහුල කොළවර්ගයක්.

ඒ නිසාම ගොටුකොළ පානය කිරීමෙන් ගොඩක් ලෙඩ රෝග සුවපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා.

ඒ විතරක් නෙවෙයි ශරීරයේ දැවිල්ල හෝ උෂ්ණ අධික රෝග සෙම් රෝග සුව කිරීමේ බලයත් මේ ගොටුකොළවල තියෙනවා.

ඊට අමතරව ධාරණ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මේ ගොටුකොළ සතු වෙනවා.

ඉතින් එච්චර ගුණ දෙන මේ ගොටුකොළවලින් පානයක් හදලා උදැසන හිස් බඩ ගොටුකොල වීදුරුවක් පානය කරොත් ඔබට හිතාගන්නවත් බැරි පෝෂණයක් ඔබේ සිරුරට ලබාගන්න හැකියාව ලැබෙනවා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ඒවගේම තියෙන ගොඩක් රෝග සුව කර ගන්නත් පුළුවන්.

මේ ගොටුකොළ පානය හදන්න ඕනේ කරන ද්‍රව්‍ය වෙන්නේ,

නැවුම් ගොටුකොළ ග්‍රෑම් 400 පමණ

වතුර කෝප්ප තුනක් පොල් කිරි කෝප්ප දෙකක්

කැකුළු හාල් ග්‍රෑම් 100 පමණ

සුදු ළුණු බික් තුනක්

පදමට ලූ‍ණු

මේ පානය හදා ගන්න පියවර ලෙස,

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

මුලින්ම ගොටුකොළ ටික තෝරලා හොඳින් සෝදාගන්න.

ඉන්පසු බත් පිසින ආකාරයට බත් බෙරි වන විදිහට රත් කරන්න.

ගොටුකොළවලට වතුර දමා බ්ලෙන්ඩර් කරන්න.

නැතිනම් කොටා එයට වතුර එක් කරන්න.

හාල් තැම්බෙන්න පටන් ගන්න අවස්ථාවේ සුදුළුනු බික් එයට එකතු කර තැම්බුනාට පසු බත් සමග හොඳින් මිශ්‍ර වන තෙක් පොඩි කරගන්න.

ඉන් පසු පොල් කිරි එකතු කර රත් වූ පසු උතුරන මට්ටමට පැමිණෙන විට එයට කොළ කැඳ එකතු එක් කරන්න.

එම මිශ්‍රණය විනාඩි තුනක් පමණ තබා හොඳින් හැඳි ගා අවශ්‍ය පදමට ලූ‍ණු එකතු කර පානය කරන්න.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

ඉතින් හැමදාම බොන කිරි වීදුරුව වෙනුවට මේ වගේ දෙයක් ඔබේ දවසට එකතු කරන් බලන්න.

ලෙඩ අඩු ගුණ වැඩි නිරෝගීමත් ජීවිතයකයට එය මඟ පාදයි.

ඒ වගේම පොඩි කාලේ ඇහුණු විදිහටම ගොටුකොළ කොච්චර ගුණයිද කියලා ඔයාටම තේරෙයි.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery