පාසල් හා කාර්යබහුල වේලාවන්හි බර වාහන ධාවනය සීමා කිරීමට පියවර

Report

 පාසල් වේලාවන් හා කාර්යබහුල වේලාවන් තුළ මාර්ගවල බර වාහන ධාවනය සීමා කිරීම සම්බන්ධව පොලිසිය අවධානය යොමු කර ඇත.

පාසල් ආරම්භ කරන හා අවසන් කරන වේලාවන්හිදී මාර්ගවල ඇතිවන දැඩි තදබදය හේතුවෙන්, එම අවස්ථාවල බර වාහන ධාවනයෙන් සිදුවිය හැකි අනතුරු අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එමෙන්ම, කාර්යබහුල වේලාවන්හිදී බර වාහන ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  

ඔබේ ජීවිතය වෙනස් වෙයි - අද මෙම ලග්නයේ ජනයින්ට අනතුරුදායක දිනයක්

ඔබේ ජීවිතය වෙනස් වෙයි - අද මෙම ලග්නයේ ජනයින්ට අනතුරුදායක දිනයක්

වැසිබර කාලගුණයක් සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

වැසිබර කාලගුණයක් සහ තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්