මිරිහානේ විරෝධතාකරුවන්ට නඩු පැවරිම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අත දමයි...

Police Protest Human Rights Commission Gagana news
By Subodha Apr 01, 2022 07:05 AM GMT
Subodha

Subodha

Report

නුගේගොඩ , මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වු පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.

ඊයේ රාත්‍රියේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය.

ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණියහ.

මානව හිමිකම් කොමිසම් සභාවේ, සභාපතිනිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කළ නොහැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now